hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 26, ප.ව. 11:58



රුසියාවේ ආරක්ෂක කර්මාන්තයට උපකාරී විය හැකි ද්‍රව්‍ය එරටට යවන චීන සමාගම්වලට එරෙහිව සම්බාධක දැඩි කිරීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.

චීන සංචාරයක් අතරතුර ජනාධිපති සී ජින්පිං මුණගැසුන බ්ලින්කන් ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

දැනටත් එවන් චීන සමාගම් සියයකට පමණ එරෙහිව තමන් සම්බාධක පනවා ඇතැයි ද බ්ලින්කන් මතකයට නැගුවා.