2024 ජනවාරි 27, ප.ව. 11:51
යුක්‍රේනයේ කෙරෙන යුද්ධයෙහි උපක්‍රම වෙනස් කිරීම සඳහා සැලැස්මක් ඇමරිකාව විසින් සකසමින් සිටින බව වොෂිංටන් පෝස්ට් පුවත්පත කියා සිටිනවා.
එම පුවත්පත පවසන පරිදි පසුගිය වසරේ යුක්‍රේනය විසින් දියත් කළ ප්‍රතිප්‍රහාරය අසාර්ථක වීම මේ සඳහා මූලිකව බලපා ඇති හේතුවයි.
මේ අනුව ප්‍රධානම අවධානය යොමුව ඇත්තේ රුසියානුවන්ට භූමිය අහිමි නොවන ලෙස කටයුතු සැලැසීමයි. මේ වනවිට ද යුක්‍රේනය විසින් ආරක්ෂක ස්ථාන සකස් කරමින් සිටින බව සටන් පෙරමුණේ විවිධ ස්ථානවලින් වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙහි අදහස වන්නේ යුක්‍රේනියානුවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂාකාරී ලෙස සටන් කිරීම නොවන බවත් සීමා සහිත ප්‍රහාරවල නිරත වෙමින් රුසියානුවන් වෙත පීඩනය තබාගැනීමත් දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් ඔවුන් ගේ සැලසුම් අතර වන බව සඳහන්.
තවද, හැකි ඉක්මණින් යුක්‍රේනය වෙත ආධාර ලබාදීම කෙරෙහි ඇමරිකානු ආණ්ඩුවේ උත්සාහය යොමුව ඇතැයි ද වාර්තා වනවා. කොන්ග්‍රස් මණ්ඩලයේ විරෝධය හමුවේ මේ වනවිට එම ආධාර නැවතී තිබෙනවා.
2025 අප්‍රේල් 22, ප.ව. 8:14
2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41