hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2024 ජනවාරි 29, පෙ.ව. 9:07



ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්න ප්‍රදේශයක පිහිටි ඇමරිකානු කඳවුරක් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකන් සෙබළුන් තුන් දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඇමරිකානු මධ්‍යමදිග විධානය පවසන පරිදි තුවාල ලැබූවන් 25 දෙනකු වූ අතර වෙනත් මාධ්‍ය වාර්තා සමහරක් මගින් 34 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තාවන් පළ කර තිබුණා.

මෙම ප්‍රහාරය ජනවාරි 28 අළුයම් කාලයේ එල්ල වී ඇති අතර එය පසුපස සිටින්නේ සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී මිලීෂියා කණ්ඩායම් බවයි ඇමරිකාව පවසන්නේ.

එමෙන්ම එම ප්‍රහාරයට සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන බව ද ඇමරිකාව ප්‍රකාශ කර සිටිනවා.