hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 12, පෙ.ව. 8:13



යේමනයේ හූති කැරලිකරුවන්ගේ පාලනයෙහි පවතින ප්‍රදේශ කිහිපයක් වෙත ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහාර එල්ල වී තිබෙනවා.

සනා අගනුවරට මෙන්ම හූතිවරුන් අත ඇති ප්‍රධාන වරාය වන හොඩෙයිඩා වෙත ද සාදා සහ ධමාර් පළාත් වෙත ද ප්‍රහාර එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ඇමරිකාව පවසන්නේ තමන් සහ එක්සත් රාජධානිය විසින්, ඔස්ට්‍රේලියාව​, නෙදර්ලන්තය​, කැනඩාව සහ බහරේනය යන රටවල ද සහය ඇතිව මෙම ප්‍රහාර එල්ල කෙරුණ බවයි.

හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් කරන වෙළඳ නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීම මෙම ප්‍රතික්‍රියාවට හේතු වී තිබෙනවා.

හූති කැරලිකරුවන් මෙසේ නෞකාවලට පහර දෙන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙසයි. හූති කැරලිකරුවන් මුලින් කියා සිටියේ ඊශ්‍රායලයට සම්බන්ධ නෞකාවලට පමණක් පහරදෙන බව වුව ද පසුව විවිධ නැව් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වුණා.

මේ අතර එක්සත් ජාරීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නොබෝදා සම්මත කළ යෝජනාවක් මගින් රතු මුහුදේ වෙළෙඳ නැව් වෙත පහරදීම නවත්වන ලෙස හූති කැරලිකරුවන් වෙත දන්වා තිබුණා.