2023 සැප්තැම්බර් 12, පෙ.ව. 7:43
ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය අතර සබඳතා පුළුල් වීමේ ඓතිහාසික අවස්ථාවක් ඊයේ ජනාධිපති ජෝ බයිඩන්ගේ වියට්නාම් සංචාරය සමග සනිටුහන් වුණා.
ඒ අනුව වියට්නාමය තානාපති සබඳතා පවත්වන රටවල් අතර ඉහළම තලයට ඇමරිකාව ළඟා වුණා. තවද දෙරට අතර ව්යාපාරික සබඳතා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා ද සිදුවුණා.
මෙහිදී කෘත්රිම බුද්ධිය සහ ගුවන් ගමන් ක්ෂේත්රය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබුණා. ගූගල්, බෝයිං, ඉන්ටෙල්, ඇම්කෝර් ආදී ඇමරිකානු සමාගම් ද වියට්නාම් ගුවන් සේවය සහ තවත් වියට්නාම් සමාගම් කිහිපයක් ද දෙරට අතර වෙළෙඳ සබඳතා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා එක්ව සිටියා.
ඇමරිකාව සහ වියට්නාමය අතර සබඳතා කලක් තිස්සේ වර්ධනය වෙමින් පැවති නමුත් බයිඩන් විසින් සිදුකරන ලද මෙම සංචාරය එහිදී ඉතා වැදගත් වනවා. මෙසේ දෙරට අතර සබඳතා පුළුල් වීම, චීනය වෙතින් එල්ලවන අභියෝගය හේතුවෙන් සිදුවන්නක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22