hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2025 පෙබරවාරි 04, පෙ.ව. 12:00



ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ඒජන්සිය (USAID) වසා දැමිය යුතු යයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බව ඊලොන් මස්ක් පවසනවා.

මේ බව ඔහු කියා සිටියේ X හි Spaces අවකාශයේ සාකච්ඡාවක් අතරතුරයි.

ආයතනය රැඩිකල් උන්මත්තකයන් පිරිසක් විසින් පවත්වාගෙන යන බවත් එය පිළිබඳ තීරණයක් ගන්නා බවත් ට්‍රම්ප් ඉරිදා සඳහන් කර තිබුණා.

USAID ආයතනය මානුශීය කටයුතු රැසක නිරත වන අතර “ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම” ආදී ඇමරිකානු වැඩසටහන්වල ද නිරත වනවා.

මේ අතර සඳුදා (පෙබරවාරි 3) දින සඳහා USAID මූලස්ථානය වසා දමා තිබෙනවා.