hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2025 ජනවාරි 11, ප.ව. 7:02



යේමනයේ හූති කැරලිකරුවෝ ඇමරිකානු ගුවන් යානා ගෙනයන නෞකාවක් වන USS හැරී ටෲමන් සහ තවත් නෞකා කිහිපයක් ඉලක්ක කර කෲස් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව සඳහන් කරනවා.

සිකුරාදා දිනයේ යේමනය වෙත ඊශ්‍රායල, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව මෙය සිදුව තිබෙනවා. හූති ප්‍රකාශක යාහ්යා සරී සඳහන් කළේ තම ප්‍රහාරය හේතුවෙන් යේමනය වෙත තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට කළ සූදානම අසාර්ථක වූ බවයි.

ඇමරිකානු බලධාරීන් මේ පිළිබඳ නිල වශයෙන් කිසිවක් සඳහන් කර නැහැ.

ඊයේ යේමනයට එල්ල වූ ප්‍රහාරයේදී සනා අග නගරයේ ද යේමන බටහිර වෙරළේ වරායවල ද ඉලක්කවලට ඊශ්‍රායල, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහාර එල්ල වුණා.