2026 ජනවාරි 28, ප.ව. 1:39
ඉරානය ආසන්නයේ අරාබි මුහුදු ප්‍රදේශය වෙත පැමිණ ඇති ඒබ්‍රහම් ලින්කන් යුධ නෞකා කණ්ඩායම ගුවන් අභ්‍යාස අරඹා ඇති බව නිවේදනය කර තිබෙනවා.
මෙය සිදුවන්නේ ඉරානය සහ ඇමරිකාව අතර නැවත වරක් යුධ උණුසුම වර්ධනය වන පසුබිමේයි.
කෙසේ වෙතත් තම අරමුණ වන්නේ ඉරාන රජය සමග එකඟතාවයක් කරා එළඹීම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.
මෙහිදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ බැලිස්ටික් මිසයිල වැඩපිළිවෙල පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇතැයි පෙනී යනවා. කෙසේ වෙතත් එවැනි එකඟතාවයක් කරා එළඹීමට ඉරානය සූදානම්දැ යි මෙතෙක් පැහැදිලි නැහැ.
ඉරානයට පහර දුනහොත් දරුණු ප්‍රතිඵල අත්විය හැකි යැයි ඉරාන බලධාරීන් අනතුරු අඟවනවා.
ඉරාන ආණ්ඩුවට එරෙහිව නොබෝදා ඇතිවූ විරෝධතාවයන්ට ට්‍රම්ප් සහය පළකර සිටි නමුත් එම විරෝධතාකරුවන් රැකගැනීමට ඔහු ක්‍රියාකාරීව ඉදිරිපත් වූයේ නැහැ.
ඉරානය පිළිබඳ බරපතල පියවරක් ගැනීමට ට්‍රම්ප් අදිමදි කරන බවක් පෙනී යනවා. කලාපය අස්ථාවර වීම පිළිබඳ ඔහුගේ අරාබි මිතුරන් දක්වන අකැමැත්ත ඊට එක් හේතුවක් බවයි පැවසෙන්නේ.
මේ අතර මෙම වසරේදී ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණ පැවැත්වෙන හෙයින් ද ට්‍රම්ප් දීර්ඝ කාලීනව බලපෑ හැකි අර්බුදයකට අතගැසීමට මැළි කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25