hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 9:56



ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ආණ්ඩුව සිය ප්‍රාන්තය තුළ හලාල් සහතිකය සහිත ආහාර​, ඖෂධ සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

ඊයේ සන් ධ්‍යාවේ මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ උත්තර් ප්‍රදේශ් ආහාර කොමසාරිස් විසින්. ජනතාවගේ සෞඛ්‍යය​ සහ විවිධ ප්‍රමිතීන් ගැන ව්‍යාකූලතා ඇතිවීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවයි එම නිවේදනය කියා සිටියේ.

හලාල් සහතිකය මගින් අදාල ද්‍රව්‍ය ඉස්ලාමීය නීතියට අනුකූලව නිපදවා ඇතිදැයි ප්‍රකාශ වනවා. නමුත් ආහාර කොමසාරිස්වරයාගේ නිවේදනය පවසන්නේ ආහාරවල ප්‍රමිතිය සහතික කළ යුත්තේ ආහාරවල සෞඛ්‍යාරක්ෂකභාවය​ සහ ප්‍රමිතිය පනත මගින් නිර්දේශ කරන ආයතන පමණක් බවයි. එසේ නොමැති විට අනවශ්‍ය ව්‍යාකූලතා හටගන්නේ යයි එම නිවේදනය තවදුරටත් පවසනවා.

කෙසේ වෙතත් අපනයනය සඳහා නිෂ්පාදනය කර ඇසුරුම් කෙරෙන ද්‍රව්‍ය සඳහා මෙම තහනම බලපාන්නේ නැති බව ද එම නිවේදනය වැඩිදුරටත් කියා සිටියා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පාලනය 2017 සිට හින් දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය අත පවතිනවා. බීජේපී ප්‍රබලයකු වන යෝගි ආදිත්‍යනාත් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා යි.