hit counter

2025 දෙසැම්‍බර් මස 12 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 11, ප.ව. 8:50



වෙනෙසුවේලානු තෙල් ගෙනගිය ස්කිපර් නම් නෞකාවක් ඇමරිකානු භාරයට ගෙන තිබෙනවා.

මෙය ග්‍රෙනේඩාවට ගිණිකොනදිගින් වූ මුහුදේදී ඇමරිකානු භාරයට ගෙන ඇත්තේ වෙරළාරක්ෂක හමුදා මූලිකව කළ මෙහෙයුමකින්.

ඇමරිකාව විසින් 2022 දී සම්බාධක පනවන ලද බව සඳහන් මෙම නෞකාව එකල ඉරාන තෙල් ගෙනයෑම සඳහා භාවිතා වූ බව ද කියැවෙනවා.

මෙම නෞකාව ඇමරිකන් භාරයට ගන්නා විට එහි බොර තෙල් බැරල් මිලියන 1.8 ක් පමණ වූයේ යැයි විශ්වාස කෙරෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එම තෙල් ද තමන් භාරයට ගන්නා බවයි.

වෙනෙසුවේලාව මෙම ක්‍රියාව පැහැරගැනීමක් සහ මුහුදු කොල්ලකාර ක්‍රියාවකැයි චෝදනා කරනවා.

නිකුලස් මදුරෝගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකානු පීඩනය උත්සන්න වෙමින් පවතින අතර ඇමරිකානු නාවික හමුදා යාත්‍රා කිහිපයක්ම වෙනෙසුවේලා මුහුදු සීමාවට ඔබ්බෙහි රඳවා තිබෙනවා.