2023 අගෝස්තු 08, ප.ව. 2:21
නිජර් හමුදා පාලනය සමග සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු වැඩබලන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් නියාමේ අගනුවර වෙත සංචාරය කළා.
නිජර් හමුදා පාලනය තම ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් නොවූ බවත් තමන් ඉතා අපහසු සාකච්ඡාවක නිරත වූ බවත් නූලන්ඩ් පවසා සිටියා. එමෙන්ම තමන්ට බලයෙන් පහ කරන ලද ජනාධිපති මොහොමඩ් බසූම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව ද නූලන් ඩ් කියා සිටියා.
එමෙන්ම නිජර් හමුදා පාලක අබ්දුර්රහ්මාන් චියානි හමුවීමට ඇය කළ ඉල්ලීමට ද නිජර් හමුදා පාලනය ඉඩ නොදුන් බවයි නූලන් ඩ් පවසන්නේ.
මේ අතර මාලි සහ බුර්කිනා ෆාසෝ හි දූත පිරිසක් ඊයේ නිජර් වෙත ඊයේ පැමිණ තිබුණා. බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව විසින් හිටපු ජනාධිපති බසූම් යළි ධුරයෙහි පිහිටුවන ලෙසත් එසේ නැතහොත් අවශ්‍ය නම් හමුදා ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් අනතුරු ඇඟවූව ද නිජර් හමුදා පාලනය එම අනතුරු ඇඟවීම නොසකලා හැර තිබෙනවා. මාලි සහ බුර්කිනා ෆාසෝ රාජ්‍යයන් නිජර් වෙත සිය සහය පළ කර තිබෙනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35