2024 පෙබරවාරි 18, ප.ව. 11:36
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික වික්‍රමශීලා විශ්වවිද්‍යාල භූමියෙහි කැණීම් යළි අරඹා ඇති බව එරට පුරාවිද්‍යා ආයතනය පවසනවා.
මීට පෙර 1972-82 සමයෙහි මෙහි කැණීම් සිදුවූ අතර එහිදී චතුරශ්‍රාකාර බිම් ප්‍රදේශයක පැතිරුණ ආරාම සංකීර්ණයක් සොයාගැනුණා. එය මැද ස්තූපයක් ඉදිකර තිබෙනවා.
ක්‍රි.ව. 8 වන සියවස පාල අධිරාජ්‍යයේ ධර්මපාල රජ සමයෙහි ඉදිකළේ යයි සඳහන් මෙම විශ්වවිද්‍යාලය එකළ උතුරු ඉන්දියාවේ වූ ප්‍රධානම බෞද්ධ විශ්වවිද්‍යාලයක් වුණා. 13 වන සියවසේදී භක්තියාර් ඛිල්ජි විසින් එය විනාශ කළේ යැයි විශ්වාස කෙරෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59