hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 6:31



බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් අද ඊශ්‍රායලය වෙත සංචාරය කළා. එහිදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවූ ඔහු ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ද සිදුකළා.

මෙහිදී ඔහු සඳහන් කළේ ඊශ්‍රායලය මුහුණ දී ඇති අඳුරුතම අවස්ථාවේදී තමන් ඊශ්‍රායලයට සහය දෙන බව සහ ඊශ්‍රායලයේ ජයග්‍රහණය සිය අපේක්ෂාව බවයි.

තවද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා දක්වන උත්සාහය පිළිබඳව ද ඔහු නෙතන්යාහුට ස්තුතිය පළ කර සිටියා.

එමෙන්ම සියළු පාර්ශවවල සිවිල් වසියන් මියයාම කණගාටුවට කරුණක් බව සඳහන් කළ සුනාක්, ගාසා තීරයෙහි පලස්තීන වැසියන් ද හමාස් සංවිධානයේ ගොදුරු බවට පත්ව සිටින්නේ යයි කියා සිටියා. එහෙයින් විදේශීය මානුෂීය ආධාර ගාසා තීරය වෙත ඇතුල්වීම සඳහා අවසර දීම පිළිබඳ ඔහු ඊශ්‍රායලයට සිය ප්‍රසාදය පළ කළා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ හමාස් සංවිධානය නව නට්සිවාදීන් පිරිසක් බවයි. වසර අසූවකට පෙර බ්‍රිතාන්‍යය සිය අඳුරුතම අවස්ථාවේ සටන් වැදුණාක් මෙන් ඊශ්‍රායලය ද සිය අඳුරුතම අවස්ථාවට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු කියා සිටියේ ඉරානය​, හිස්බුල්ලා සංවිධානය සහ හමාස් සංවිධානය ආදීන්ට මැදපෙරදිග කලාපය ආපස්සට ඇදගෙන යාමට අවශ්‍ය බවයි. ඊශ්‍රායලය මුහුණ දෙන්නේ එවන් බලවේගවලට එරෙහි සටනකට බවත් එය දීර්ඝ වූ සටනක් බවත් ඔහු කියා සිටියා.

Example Image