hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 12, ප.ව. 5:53



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ දැඩි අදහස් හේතුවෙන් යුක්‍රේන යුද්ධයට විසඳුමක් සොයාගැනීම අපහසු වන බැවින් ඔහු වෙනුවට විකල්පයන් සෙවීමට බටහිර රටවල් පටන්ගෙන ඇතැයි රුසියාවේ විදේශීය ඔත්තු කටයුතු භාර SVR ආයතනයේ ප්‍රධානී සර්ගේයි නරිෂ්කින් පවසනවා.

TASS පුවත් සේවය විසින් වාර්තා කරන පරිදි නරිෂ්කින් සඳහන් කර ඇත්තේ පසුගිය නොවැම්බරයේදී යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් හමුවූ අවස්ථාවේ ද මේ පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි.

මෙසේ සලකා බැලෙන විකල්ප අතර හමුදාපති වලේරි සලුෂ්නි, කියෙව් නගරාධිපති විතාලි ක්ලිෂ්කෝ ඇතුළු කිහිපදෙනකු වන බව ද නරිෂ්කින් කියා සිටිනවා.

මෙම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා විශේෂයෙන් තොරතුරු නරිෂ්කින් විසින් ඉදිරිපත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් පසුගිය දිනවල සලුෂ්නි සහ සෙලෙන්ස්කිගේ කාර්යාලය අතර බරපතල මතගැටුමක් සිදුවූ අතර ක්ලිෂ්කෝ ද සෙලෙන්ස්කිව ප්‍රබල විවේචනයකට ලක්කර තිබුණා.