2025 ජූලි 14, ප.ව. 6:56
බටහිර ලෝකය රුසියාවට වෛර කරන සැබෑ හේතුව වැටහුණේ තමන් ජනාධිපති ධුරයට පත්වීමෙනුත් කලකට පසුව බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.
රුසියානු මාධ්‍යවේදී පාවෙල් සරූබින් සමග කළ සංවාදයකදී ඔහු කියා සිටියේ සෝවියට් සංගමය පවතින සමයේ දෙපාර්ශ්වය අතර වූ ගැටුම කොමියුනිස්ට් ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අතර මතවාදී තලයක වූවක් බව විශ්වාස කෙරුණ බවයි. තමන් ද විසි වසරක් පමණ සෝවියට් ඔත්තු සේවා වෙනුවෙන් සේවය කරන සමයෙහි එයම විශ්වාස කළේ යැයි ද පුටින් ප්‍රකාශ කළා.
සෝවියට් සංගමය බිඳවැටුණ පසු රුසියාවෙන් බටහිරට තර්ජනයක් නොවූ බවත් රුසියාව සෝවියට් සංගමයට වඩා දුර්වලව පැවති බවත් සිහිපත් කරන පුටින් කියා සිටියේ රුසියාව බටහිර සමග එක්ව කිසියම් පොදු ජාත්‍යන්තර රාමුවක කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ බවයි. අවි හරණය සහ අනෙකුත් ඇතැම් කරුණු පිළිබඳ රුසියාව විසින් විවිධ අවස්ථාවන් හි විවිධ යෝජනා ඉදිරිපත් කළත් බටහිර රටවල් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ යැයි ද ඔහු පෙන්වා දෙනවා. තවද බටහිර රටවල් විවිධ අවස්ථාවල රුසියාව රැවටූ බව කියා සිටින පුටින්, නේටෝ සංවිධානය නැගෙනහිරට ව්‍යාප්ත නොකරන්නේ යැයි දුන් පුරොන් දුව එයින් එක් අවස්ථාවකැයි පැවසුවා.
රුසියාවට බටහිර රටවල් වෛර කරන හේතුව මතවාදී කරුණක් නොව හුදු භූදේශපාලනික කරුණක් යැයි තමන්ට වැටහුණේ තමන් ජනාධිපති ධුරයට පත්ව ටික කලකින් බව පුටින් අවධාරණය කළා. තමන් ද බටහිර සමග එක්ව කටයුතු කිරීමට උද්‍යෝගය පළ කළත්, එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණේ යැයි ඔහු කියා සිටිනවා.
රුසියාව ස්වකීය ආරක්ෂාව සලසාගත හැකි තත්ත්වයට පැමිණෙන තෙක් බටහිර කඳවුර රුසියාවට නිසි ගෞරවය ලබා නොදෙන බව තමා වටහාගත්තේ යැයි පුටින් කියා සිටිනවා. රුසියාව ස්වෛරී රාජ්‍යයක් ලෙස පවතිනු ඇත, එසේ නැතිනම් රුසියාව නොපවතිනු ඇත යයි ද ඔහු කියා සිටියා.
2025 ජූලි 15, පෙ.ව. 2:12
2025 ජූලි 14, ප.ව. 2:49
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55
2025 ජූලි 04, ප.ව. 7:46