2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 11:41
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජරෙඩ් කුෂ්නර් මොස්කව් වෙලාවෙන් ඊයේ රාත්‍රියේ ක්‍රෙම්ලිනයේදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසුණා.
යුක්‍රේන සාම යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති මෙම හමුවට රුසියානු ජනාධිපතිගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක යූරි උෂාකෆ් සහ ආර්ථික කටයුතු නියෝජිත කිරිල් දිමිත්‍රියෝෆ් ද එක්වුණා.
මෙම සාකච්ඡා පැය හතරකටත් වඩා කල් ඇදුණ අතර මොස්කව් වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා යනතෙක් සාකච්ඡා පැවැත්වුණා.
යුක්‍රේන යුද්ධය නිමාවකට ගෙන ඒම සඳහා ඇමරිකාව විසින් ඉදිරිපත් කෙරුණ කරුණු 28 කින් සමන්විත යෝජනා මාලාව පිළිබඳව යුක්‍රේනයේ සහ ඇමරිකාවේ නියෝජිතයන් අතර නොබෝදා සාකච්ඡා සිදුවුණා.
එහිදී එහි අඩංගු යුක්‍රේන භූමිය පිළිබඳ කොන් දේසි සහ යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය පිළිබඳ කොන් දේසි ආදී ඇතැම් කරුණු පිළිබඳ මේ වනවිට ද එකඟතාවයකට පැමිණ නැහැ.
මේ අතර යුරෝපය මීට විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
රුසියාව පවසන්නේ කරුණු 28 කින් සමන්විත යෝජනා මාලාව සාකච්ඡා සඳහා මූලික අඩිතාලමක් විය හැකි බවයි.
තවද යුරෝපය මෙම සාම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේ යැයි ද ඔවුන් චෝදනා කරනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59