hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 14, පෙ.ව. 11:48



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන ලෝක ආණ්ඩුකරණ සමුළුවේදී මෙවර ලොව හොඳම අමාත්‍යවරයා සම්මානය කටාර් රාජ්‍යයේ මහජන සෞඛ්‍යය පිළිබඳ අමාත්‍ය ආචාර්ය හනාන් අල් කුවාරි වෙත හිමිවුණා.

ඇය ඩුබායි හි නියෝජ්‍ය පාලක සහ එක්සත් අරාබි එමීර් හි මුදල් ඇමතිවරයා වන මක්තුම් බින් මුහම්මද් බින් රශිද් අල් මක්තුම් වෙතින් එම සම්මානය ලබාගත්තා.

වාර්ශිකව පැවැත්වෙන ලෝක ආණ්ඩුකරණ සමුළුවේදී සෑම වසරකම මෙම සම්මානය ප්‍රදානය කෙරෙනවා. එහිදී පසුගිය මාස 18 ක කාලය තුළ අදාල අමාත්‍යවරුන් විසින් සිදුකරන ලද කර්තව්‍යයන් හි බලපෑම සහ නවමුකරණය පිළිබඳ සලකා බලන බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය සේවා කලමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් බ්‍රිතාන්‍යයේදී සම්පූර්ණ කර ඇති කටාර් සෞඛ්‍ය ඇමතිවරිය 2016 සිට එම ධුරය දරනවා. කටාර් රාජ්‍යයෙහි සෞඛ්‍ය සේවය ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවන් අතර පවතින්නක් බවයි සඳහන් වන්නේ.