hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 4:00



ලෝක තරුණ උත්සවය මාර්තු 01 සිට 07 දක්වා රුසියාවේ සෝචි හීදී පැවැත්වෙනවා.

මෙම උත්සවය 2023 අප්‍රේල් 05 වන දින රුසියානු සමූහාණ්ඩුවේ සභාපති විසින් අත්සන් කරන ලද අංක 249 දරන, “ලෝක තරුණ උත්සවය පැවැත්වීම පිළිබඳ” සම්මුතිය යටතේ සංවිධානය කෙරෙනු ඇත.

මෙම උත්සවයේ ආරම්භක දිනය රුසියාව විසින් සංවිධානය කළ 2014 ඔලිම්පික් උළෙල නිමා කළ දිනයේ දශ වර්ෂ සැමරුම යෙදී තිබීමද විශේෂත්වයක්.

උත්සවය පැවැත්වෙන්නේ ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදීය.

විද්‍යාව, සංස්කෘතිය, ක්‍රීඩා, මාධ්‍ය, පුණ්‍යයතන සහ ස්වෙච්ඡා සේවය, ජාත්‍යන්තර සබදතා, ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරනා තරුණ නායකයින් රටවල් 180කින් මේ සදහා සහභාගී වීමට නියමිතයි.

සහභාගීවන්නන්ගේ වයස් සීමාව අවුරුදු 35ට අඩු විය යුතු අතර තෝරා ගැනීම තරගකාරි ක්‍රමවේදයකට අනුව සිදු වේ.

මෙම උත්සවය පිළිබඳව වැඩි විස්තර සදජ මෙම යොමුව භාවිතා කරන්න. https://clck.ru/35Kmwj