2024 මැයි 05, ප.ව. 11:15
චීන ජනාධිපති සී ජින්පිං අද නිල සංචාරයක් සඳහා ප්‍රංශයට පැමිණියා. මේ වසර පහකින් පසු ඔහු විසින් කෙරෙන යුරෝපීය සංචාරයේ ඇරඹුමයි.
චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් අත්තල් ඔර්ලි ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.
සිය සංචාරය අතරතුර සී ජින්පිං ප්‍රංශය සමග වෙළෙඳ සබඳතා මෙන්ම ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සිය සංචාරය අරඹමින් සී ජින්පිං ප්‍රකාශ කළේ දෙරට අතර සබඳතාවය සාමකාමී සහභාවය සහ ක්‍රම දෙකක් අනුගමනය කරන රටවල් දෙකක් අතර පවතින දෙරටටම වැඩදායී සහයෝගීතාවය පිළිබඳ ආදර්ශයක් බවයි.
ප්‍රංශ සංචාරය අවසන සී ජින්පිං සර්බියාවේ සහ හන්ගේරියාවේ ද සංචාරය කිරීමට නියමිතයි.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53