2024 ජූනි 04, ප.ව. 7:12
හිටපු ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩක යූසුෆ් පථාන් මෙවර මහමැතිවරණයෙන් ලෝක් සභාවට තේරී පත්වන බවක් පෙන්නුම් කෙරෙනවා.
බටහිර බෙංගාලයේ බහරම්පූර් ආසනයෙන් තරග බිමට බට ඔහු මේ වනවිට එහි මන්ත්‍රීවරයාව සිටි අදීර් රන්ජන් චෞද්රි අභිබවා ඉදිරියෙන් සිටිනවා.
කොන්ග්‍රස් පක්ෂ ප්‍රබලයකු වන අදීර් රන්ජන් චෞද්රී එම අසුන වසර 25 ක් මුළුල්ලේ නියෝජනය කරනවා. යූසුෆ් පථාන් තරග වදින්නේ බටහිර බෙංගාල මහ ඇමතිණී මමතා බැනර්ජි නායකත්වය දෙන සමස්ථ ඉන්දියානු ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂයෙනුයි.
කොන්ග්‍රස් පක්ෂය සහ ත්‍රිණමූල් කොන්ග්‍රසය යන පක්ෂ දෙකම විපක්ෂ සන්ධානයේ සාමාජිකයන් වුවද බටහිර බෙංගාලයේදී ආසන බෙදාගැනීම පිළිබඳ බැනර්ජි සහ චෞද්රි අතර බරපතල මතභේදයක් ඇතිවුණා. ඒ අනුව ත්‍රිණමූල් කොන්ග්‍රසය ආසන 42 ටම වෙනමම තරග කරන අතර කොන්ග්‍රස් පක්ෂය වාමාංශික පක්ෂ කිහිපයක් හා සන්ධානගතව තරග කරනවා.
දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව බටහිර බෙංගාලයේ පාර්ලිමේන්තු ආසන 42 න් 30 ක පමණ ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂය ඉදිරියෙන් සිටිනවා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43