2025 පෙබරවාරි 20, ප.ව. 9:22
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරණය කල් දමමින් දිගටම බලයේ රැඳී සිටින්නට උත්සාහ කරන ඒකාධිපතියකු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියා.
තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ සෙලෙන්ස්කිගේ ජනප්‍රියත්වය ද ඉතා පහළ අඩියකට වැටී ඇති බවයි.
එමෙන්ම රුසියාව සමග යුද්ධයකට පැටලීමෙන් වැළකී සිටීමට ඔහුට හැකියාව තිබුණ බව ද ඔහු සඳහන් කළා.
සෙලෙන්ස්කි කඩිනමින් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළයුතු බව ද ට්‍රම්ප් පවසනවා.
කෙසේ වෙතත් මෙම චෝදනා පිළිබඳ අදහස් දක්වන සෙලෙන්ස්කි කියා සිටියේ ට්‍රම්ප් දුස්තොරතුරු බුබුලක සිරවී සිටින බවයි.
ජනාධිපති සෙලෙන්ස්කිගේ ධුර කාලය 2024 මැයි මාසයෙන් අවසන් වුවද පවතින යුධමය තත්ත්වය හේතුවෙන් හදිසි නීතිය පනවා ඇති පසුබිමක මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් යුක්‍රේන නීතිය අනුව නැහැ.
එමෙන්ම මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමෙන් යුක්‍රේන දේශපාලන තත්ත්වය අස්ථාවර විය හැකි යයි ද මතයක් පළවී තිබෙනවා.
කෙසේ වෙතත් සටන් විරාමයක් ක්‍රියාවට නැගුණහොත් හදිසි නීතිය ඉවත් කළ හැකි අතර එවිට මාස තුනක් ඇතුලත ජනාධිපතිවරණය කැඳවිය හැකියි.
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15
2025 මාර්තු 31, ප.ව. 1:06
2025 මාර්තු 28, ප.ව. 11:51