hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2024 ජූනි 03, ප.ව. 1:24



ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්‍රේන සාම සමුළුවට රටවල් සහභාගී වීම වැළැක්වීමට චීනය කටයුතු කරමින් සිටින්නේ යයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

ඊයේ සිංගප්පූරුවේදී ශැංග්‍රිලා ආරක්ෂක සංවාදය අමතමින් ඔහු මෙම චෝදනාව චීනය වෙත එල්ල කළා.

චීනය මින් පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් බලාපොරොත්තු වන තත්ත්වයන් එම සාම සමුළුවේ නොමැති බැවින් තමන් ඊට සහභාගී නොවන බවයි.

මේ අතර සෞදි අරාබිය ද එම සමුළුවට සහභාගී නොවීමේ ඉඩක් ඇති බව වාර්තා වනවා.

රුසියාවට එම සමුළුව සඳහා ආරාධනා ලැබී නැහැ. එහෙත් ආරාධනා කළ ද තමන් ඊට සහභාගී නොවන බවයි එරට සඳහන් කර තිබුණේ.