2023 ඔක්තෝබර් 07, පෙ.ව. 8:20
හිටපු යුරෝපා කොමිසන් ප්රධානී ශෝන්-ක්ලෝඩ් යුන්කර් යුක්රේනයේ දූෂණ පිළිබඳ කළ ප්රකාශය රුසියානු ප්රචාරයන් යළි ප්රකාශ කිරීමක් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
යුක්රේනය මිත්ර රටවල් විසින් ලබාදුන් එකදු ඩොලරයක්වත් අපතේ යවා නැති බවත් යම් තනි පුද්ගලයන් සහ අවස්ථා පිළිබඳ ඇතැම් ප්රශ්න තිබිය හැකි වුවත් පොදුවේ යුක්රේනය දූෂිත රටකැයි පැවසීම වැරදි අදහසක් බවත් සෙලෙන්ස්කි කියා සිටිනවා.
පසුගියදා ජර්මන් පුවත්පතකට අදහස් දක්වමින් යුන්කර් සඳහන් කළේ යුක්රේනය සමග කටයුතු කළ අයකු එහි සෑම සමාජ ස්ථරයකම දූෂණය පැතිර ඇති බව දන්නා බවයි. එහෙයින් එරට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් නැතැයි ද යුන්කර් කියා සිටියා. යුක්රේනය යුරෝපා සංගමයට එක්වීමට නම් දැවැන්ත ප්රතිසංස්කරණ සිදුකළ යුතු බවයි යුන්කර් සඳහන් කළේ.
නමුත් සෙලෙන්ස්කි පවසන්නේ යුරෝපය සහ යුක්රේනය අතර ඇති සම්බන්ධය බිඳහෙළීම සඳහා වෙනත් ක්රමයක් නොමැති බව දන්නා රුසියානුවන් දූෂණය පිළිබඳ ප්රචාරක කටයුතු සිදුකරන බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16