2024 ජූනි 05, ප.ව. 9:19
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තමා බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවලින් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට අසමත් වූ බව යුක්රේන ජනතාවගෙන් සියයට 50 ක් පමණ පවසන බව හෙළිව තිබෙනවා.
කියෙව් ජාත්‍යන්තර සමාජවිද්‍යා ආයතනය විසින් රුසියානු පාලනය යටතේ නොපවතින යුක්රේන ප්‍රදේශයන් හි පුද්ගලයන් 1002 ක නියැදියක් යොදාගෙන කළ සමීක්ෂණයකදී මේ බව හෙළිව ඇතැයි එම ආයතනය පවසා සිටියා.
මෙහිදී සියයට 18 ක් දෙනා සෙලෙන්ස්කි බොහෝ පොරොන්දු ඉටු කළ බව සඳහන් කර ඇති අතර සියයට 5 ක් දෙනාගේ මතය වී ඇත්තේ ඔහු සියළු පොරොන්දු ඉටු කිරීමට සමත් වූ බවයි. සියයට 19 ක් පමණ දෙනාගේ මතය වී ඇත්තේ සෙලෙන්ස්කි තම පොරොන්දුවලින් අඩක් පමණ ඉටු කළ බවයි.
මේ අතර මෙම සමීක්ෂණයෙහි වැදගත්ම ප්‍රතිඵලයක් වන්නේ ජනතාව සෙලෙන්ස්කිගේ අසාර්ථකත්වයට දක්වන හේතු බව පෙනී යනවා. සියයට 32 ක් දෙනා පවසන්නේ ඔහුට දක්ෂ කණ්ඩායමක් නොසිටීම ඊට හේතු වූ බවයි. රුසියානු ආක්‍රමණය හේතුවෙන් පොරොන්දු ඉටු කළ නොහැකි වූ බව සියයට 31 ක් පවසනවා. ඒ අතර යුක්රේනයේ ධනපති ඔලිගාර්ක්වරුන් හේතුවෙන් සෙලෙන්ස්කිට මෙම කරුණු ඉටු කළ නොහැකි වූයේ යයි සියයට 26 දෙනකු පවසා තිබෙනවා.
සෙලෙන්ස්කිගේ සාර්ථකත්වය සඳහා හොඳම උදාහරණයක් ලෙස වැඩි දෙනා දකින්නේ රුසියානු ආක්‍රමණයට මුහුණදීමයි.
ජනාධිපති සෙලෙන්ස්කි 2019 දී බලයට පත්වෙද්දී දුන් පොරොන්දු අතර රුසියාව සමග වූ අර්බුදය අවසාන කිරීම, දූෂණය පිටුදැකීම සහ ජනතා සුබසාධනය ප්‍රධාන වුණා. සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 9 ක් දෙනා පමණක් මේවා යථාර්ථවාදී නොවන පොරොන්දු බව කියා සිටිනවා. වැඩි දෙනෙක් පවසන්නේ මේවා ළඟා කරගත හැකිව තිබූ ඉලක්ක බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16