hit counter

2025 මැයි මස 31 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 8:41



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුක්‍රේනයෙහි සංචාරය කරන ලෙස ආරාධනා කර තිබෙනවා.

සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ ට්‍රම්ප් පැමිණෙන්නේ නම් ඔහු පවසන පරිදි පැය 24 කින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට නොහැකි බව ඔහු පුද්ගලිකවම දකිනු ඇති බවයි.

NBC ආයතනය සමග අදහස් දක්වමින් සෙලෙන්ස්කි සඳහන් කළේ ජනාධිපති බයිඩන් ද යුක්‍රේනයේ සංචාරය කළ විට ඉන් පෙර ඔහු නොදුටු ඇතැම් දේ දැකගත් බවයි. එලෙසම ට්‍රම්ප් ද යුද්ධයේ තත්ත්වය පිළිබඳ වඩා හොඳ අදහසක් ලබාගනු ඇතැයි සෙලෙන්ස්කි කියා සිටියා.

ට්‍රම්ප් පැමිණෙන්නේ නම් තමන්ට සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට ගතවන්නේ විනාඩි 24 ක් පමණක් බව ද සෙලෙන්ස්කි කියා සිටිනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අතර රිපබ්ලිකන් පක්ෂයෙහි නාමයෝජනා දිනාගැනීමේ තරගයේදී ඔහු අනෙක් සියළු අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් සිටිනවා.