hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 06, ප.ව. 9:13



යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඊශ්‍රායලයෙහි සංචාරය කිරීම සඳහා පිළියෙල කරන ලද සැලැස්ම නැවතත් වරක් අතැර දැමීමේ ඉඩක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ එම සැලැසුම් පිළිබඳ ඊශ්‍රායලයේ චැනල් 12 රූපවාහිනිය විසින් කලින්ම වාර්තා කරනු ලැබීමයි.

චැනල් 12 වාර්තාවට අනුව කියැවුණේ සෙලෙන්ස්කි ලබන සතියේ වුවද ඊශ්‍රායලයේ සංචාරය කිරීමේ අවකාශයක් ඇති බවයි.

කෙසේ වෙතත් සෙලෙන්ස්කිට අවශ්‍ය වූයේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා රහසක්ව පවත්වා ගැනීම බව කියැවෙන අතර මාධ්‍ය අනාවරණය ඔහුගේ අසතුටට හේතු වූ බව ද වාර්තා වනවා.

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර යුද්ධය ඇරඹි දිනවලම සෙලෙන්ස්කි ඊශ්‍රායලයේ සංචාරය සඳහා ඉල්ලීමක් කළ අතර එවර ඊශ්‍රායල ආණ්ඩුව කියා සිටියේ එය ඒ සඳහා අවස්ථාව නොවන බවයි.