2025 පෙබරවාරි 24, පෙ.ව. 10:25
යුක්‍රේනයට සාමය උදාවන්නේ නම් තමන් ජනාධිපති ධුරය අතහැරීමට සූදානම් යැයි එරට ජනාධිපති වොලොදිමීර් සෙල්ස්න්කි පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ තමන් කෙටි කාලීන ඉලක්ක පිළිබඳ නොසිතන බවයි. වසර දහයක්, විස්සක් ඈතට තමන් සිතන බව ඔහු කියා සිටියා.
යුක්‍රේනයට සැබෑ සාමය සහ ආරක්ෂාව ලැබීමට නම් එරට නේටෝ සාමාජිකත්වය ලබාගත යුතු බවත් එම සාමාජිකත්වය ලැබේ නම් ඒ වෙනුවෙන් තමන් ජනාධිපති ධුරය අතහැරීමට සූදානම් බවත් සෙලෙන්ස්කි සඳහන් කළා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී චෝදනා කළේ සෙලෙන්ස්කි ජනාධිපතිවරණය නොපවත්වා බලයේ රැඳී සිටින ඒකාධිපතියකු බවයි. සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුර කාලය 2024 මැයි මසදී අවසන් වුණා. නමුත් යුද්ධය හේතුවෙන් පනවා ඇති හදිසි තත්ත්වය යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වූයේ නැහැ.
යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම යථාර්ථවාදී නොවන බව ද ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෑතකදී කියා සිටියා. එමෙන්ම යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය අවසන් වීමට සටන් විරාමයක් කරා ළඟදීම එළඹිය හැකි යැයි ද ධවල මන් දිරය විශ්වාසය පළකර තිබෙනවා.
2025 පෙබරවාරි 24, පෙ.ව. 9:50
2025 පෙබරවාරි 23, ප.ව. 1:59
2025 පෙබරවාරි 20, ප.ව. 9:41
2025 පෙබරවාරි 20, ප.ව. 9:30
2025 පෙබරවාරි 20, ප.ව. 9:22