2024 පෙබරවාරි 26, ප.ව. 12:42
වසර දෙකක් මුළුල්ලේ රුසියාවට එරෙහිව සිදුකරන ලද යුධ යුද්ධයේදී යුක්‍රේනියානු සෙබළුන් 31,000 ක් මියගිය බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
ඔහු සඳහන් කළේ තුවාල ලැබූ යුක්‍රේනියානුවන් සංඛ්‍යාව පිළිබඳ වාර්තා හෙළිදරව් කළ නොහැකි බවයි. එසේ කළහොත් එය රුසියානුවන්ට කරන උපකාරයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර තිබුණේ යුක්‍රේන සෙබළුන් 383,000 ක් මියගොස් හෝ තුවාල ලබා හෝ ඇති බවයි. මේ අතර යුක්‍රේන බලධාරීන් සඳහන් කර තිබුණේ රුසියානුවන් 409,000 ක් මියගොස් හෝ තුවාල ලබා හෝ ඇති බවයි.
මේ අතර බටහිර රටවල් පොරොන් දු වන ආධාරවලින් අඩක් ලැබෙන්නේ ප්‍රමාද වී බව යුක්‍රේන ආරක්ෂක ඇමති රස්තම් උමේරෆ් පවසනවා. ඔහු කියා සිටියේ යුධ ආධාර ලැබීම ප්‍රමාද වීම ද ඔවුන්ට ප්‍රශ්න ඇතිකරන බවයි.
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්තෝබර් 10, ප.ව. 7:29