2025 පෙබරවාරි 12, පෙ.ව. 9:48
අනාගතයේදී යුද්ධය නැවැත්වීම සඳහා සාම වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගුණහොත් තම පාලනය යටතේ තිබෙන රුසියානු ප්‍රදේශ වෙනුවෙන් රුසියාව යටතේ තිබෙන යුක්‍රේන ප්‍රදේශ හුවමාරු කරගැනීමට සූදානම් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන් පුවත්පත සමග අදහස් දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ යුක්‍රේන පාලනයැඑ පවතින රුසියානු ප්‍රදේශයන් අනාගත සාකච්ඡාවන් අතරතුරදී වැදගත් කේවල් කිරීමේ බලයක් ලබාදෙන බවයි.
දැනට යුක්‍රේනය විසින් කුර්ස්ක් ඕබ්ලතයේ තරමක ප්‍රදේශයක් පාලනය කරනවා. පසුගිය අගෝස්තුවේ ඔවුන් දියත්කළ මෙහෙයුමක් මගින් එම පළාතේ වර්ග කිලෝමීටර් 1300 කට ආසන්න ප්‍රදේශයක් අත්පත් කරගත් අතර ඉන් අඩක් පමණ මේ වනවිට රුසියානුවන් විසින් නැවත අල්ලාගෙන තිබෙනවා.
යුක්‍රේන පාලනය යටතේ පවතින රුසියානු ප්‍රදේශයන් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ කිනම් ප්‍රදේශයක් දැයි සෙලෙන්ස්කි පැහැදිලි කරන්නේ නැහැ. ඔහු පවසන්නේ සියළුම ප්‍රදේශයන් එක සේ වැදගත් බැවින් තවම එවන් තීරණයකට පැමිණ නැති බවයි.
රුසියාව විසින් 2014 දී ක්‍රිමියාව ඈඳාගත් අතර 2022 දී යුද්ධය ඇරඹීමෙන් පසු ලුහාන්ස් පළාත සම්පූර්ණයෙන්ම සහ දන්යෙත්ස්ක්, සපරෝෂියා සහ හර්සොන් පළාත්වල කොටස් අල්ලාගෙන සිටිනවා. රුසියාව මේ සියළු පළාත් සඳහා අයිතිය ප්‍රකාශ කරනවා.
යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටිනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී සඳහන් කළේ තමන් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව මුණගැසීමට නියමිත බවයි. එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග ද තමා සාකච්ඡා කළේ යැයි ඔහු කියා සිටියා.
යුක්‍රේනය පිළිබඳ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත කීත් කෙලොග් නුදුරේදී කීව් නගරයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද සෙලෙන්ස්කි හමුවීමට නියමිතයි.
කෙසේ වෙතත් ඇමරිකාව විසින් මෙතෙක් නිශ්චිත සාම වැඩපිළිවෙලක් යෝජනා කර නැහැ. එවැන්නක් මෙතෙක් පිළියෙල වී නැති බවයි සෙලෙන්කි මෑතකදී ප්‍රකාශ කළේ.
2025 මාර්තු 14, ප.ව. 8:14
2025 මාර්තු 13, ප.ව. 1:57
2025 මාර්තු 12, ප.ව. 11:08
2025 මාර්තු 12, පෙ.ව. 11:18
2025 මාර්තු 11, ප.ව. 10:04