hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2025 මැයි 13, පෙ.ව. 8:26



තමන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හමුවීම සඳහා තුර්කියේ ඉස්තාන්බුල් වෙත සංචාරය කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ දෙරට අතර 2022 දී කඩාකප්පල් වූ ඍජු සාකච්ඡා මැයි 15 වනදා සිට නැවත ඇරඹිය යුතු යැයි ව්ලදිමීර් පුටින් කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

සෙලෙන්ස්කි මැයි 10 වනදා නැවත වරක් දින 30 ක සටන් විරාම යෝජනාව ඉදිරිපත් කළ අතර පුටින් නැවතත් එය ප්‍රතික් ෂේප කළා. පුටින් ප්‍රකාශ කරන්නේ දින 30 ක සටන් විරාමය යුක්‍රේනය විසින් සිය හමුදා ප්‍රතිසංවිධානය සඳහා භාවිතා කරනු ඇති බවයි. එහෙයින් යුක්‍රේන – රුසියා අර්බුදය පිළිබඳ ඍජු සාකච්ඡා පැවැත්විය යුතු යැයි ඔහු කියා සිටියා.

මේ අතර 2022 දී මෙන්ම එම සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැරීමට තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් කැමැත්ත පළ කර තිබෙනවා. සෙලෙන්ස්කි තුර්කියට පැමිණෙන බව සඳහන් කර තිබුණද පුටින් පැමිණෙන බවක් මෙතෙක් සනාථ කර නැහැ.