hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 05, පෙ.ව. 12:06



මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිවයින පුරා රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් මේ වනවිට පවතින බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

මෙම වෛරස් උණ රෝගයේ ලක්ෂණ ලෙස උණත් සමග වමනය, අජීරණය, බඩ රිදිල්ල තිබෙන බවත් දෙවනුව පාචනයට අමතරව වැසිකිළි යන විට ලේ යනවා නම් අතිසාරය වීමට හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් සදහන් කළේ,

” පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝග තත්ත්වයන් තමයි ව්‍යාප්තව තිබෙන්න ඉඩකඩ වැඩී විශේෂයෙන්ම පාචනය කියන රෝගය අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මඟින් තමයි බෝවෙන්නේ. බොහෝවිට මේක වෛරස් උණක්. මෙතනදී රෝග ලක්ෂණ විදිහට උණත් සමග වමනය, අජීරණය, බඩ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ.

දෙවනුව පාචනයට අමතරව වැසිකිළි යන විට ලේ යනවා නම් මේක අතිසාරය වෙන්න පුළුවන්. ඊට අමතරව මේ දවස්වල තාමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙනවා. ඒ නිසා කැස්ස සෙම්ප්‍රතික්ෂාව, උණ පවුලක ඉක්කමනට පැතිරෙනවා නම් මේක ඉන්ෆ්ලුවෙන්සා වේන්නත් පුළුවන්. ඊටත් අමතරව මේ සීතල කාලය නිසා ළමා හතිය වැඩිවෙන්නත් ඉඩකඩ තිබෙනවා.

කැස්ස හෙම්බිරිසාව හුස්ම ගැනීමේ අපහසුවක් තියෙනවා නම් දරුවෙකුට ඒක ළමා හතිය තියෙයිද කියලා හොයලා බලන්න. මීට ඉස්සරවෙලා කාලයක් තිස්සේ ඉන්හේලස් ගන්න දරුවෝ ඉන්නවා නම් දිගටම ඉන්හේලස් පාවිච්චි කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: