hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 ජූලි 10, පෙ.ව. 12:56



දේශපාලන බලය වෙනුවෙන් වසර ගණනාවක දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි දේශපාලන පිටපතක ඇතුලාන්තය හෙළි කරමින් සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ක්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය අවස්තාවේදී සිය අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ රනිල්ලා සජිත්ලා යනු රටේ ජාතික ආරක්ෂාව බින්දුවට ඇද දැමූ නායකයන් බවයි.

“පාස්කු ප්‍රහාරය යනු ලංකාවේ හෘද සාක්ෂියේ සිදුරක්.මෙහි සැබෑ මෙහෙයුම්කරුවන් කවුදැයි අධිකරණය ක්‍රියාවලියක් හරහා ඔප්පු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලාට නැවත බලයට එන්න තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා.

රනිල් සහ මෛත්‍රී අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය කර එක පැත්තකින් ඒ තත්ත්වය නිර්මාණය කළා.ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා.

මුස්ලිම් විරෝධයක් මුලින් ගොඩනැගුවා.ඒ දේශපාලන අපරාධ කරුවන් සමග අත්පුඩි ගහන විට අපේ හෘද සාක්ෂිය පත්තු වෙනවා. මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු කොතෙකුත් ලැබී තිබුණා. ඒවා ගණන් ගත්තේ නෑ’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: