hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:13



අම්මා කෙනෙක්ගේ ආදරෙයි දරුවෙක්ගෙන් එයාලට ආපහු හම්බෙන සැළකීමයි තරම් මේ ලෝකේ වෙන කිසිම දෙයක් වටින්නේ නෑ කියන්න හොඳම උදාහරණයක්.

දෙමව්පියෝ ගැන ගායන ශිල්පී සුනීර සුමංග කියපු හරි ලස්සන කතාවක් තියෙනවා.

ඔහු වැඩසටහනකට එකතු වෙලා දෙමව්පියන් ඔහුට කරපු දේවල් මතක් කරන්නේ ඇස් වල කදුළු පුරවගෙන.

ඒ ලෙවල් කරන කාලේ පාඩම් කරද්දී කන්න චොකලට් ඉල්ලපුවාම ගෙදර කීයක්වත් නැතුව තමන්ගේ කනේ තිබ්බ කරාබු දෙක උකස් තියලා ඒ ආසාව ඉෂ්ට කරපු අම්මා කෙනෙක් එයාට හිටියා.

හැබැයි සුනීර ඩ්‍රීම්ස්ටාර් දිනලා ලක්ෂ 10ක් අතට හම්බුණ ගමන් කළේ තමන්ගේ ආසාවට රුපියල් 5000ක සන්ග්ලාස් දෙකක් විතරක් අරන් ඉතිරි ලක්ෂ නවයහමාරම අම්මා අතට දීලා ගෙදර තිබ්බ එක එක ප්‍රශ්න ඔක්කොම විසඳපු එක.

“එයාලව ප්‍රශ්නවල තියලා මට විතරක් සැප විඳින්න බෑ” කියන ඒ උතුම් හැඟීම සල්ලිවලට වඩා කොච්චර වටිනවද? අන්න ඒ විදියට අම්මා තාත්තට සලකන ඒ අයගේ කැපකිරීම් මතක තියාගන්න දරුවන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ කියන්නේ අන්න ඒ නිසයි.

ඉතිං අම්මටයි තාත්තටයි සළකන්න…හොඳම දේ එයාලා ඔයාලට දුන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී…ඉතිං පණ තියෙනකන් අම්මවයි තාත්තවයි ආදරෙන් බලාගන්න…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: