2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:19
සමාජ මාධ්‍ය ඔස්සේ, විශේෂයෙන්ම tiktok තුළින් වඩාත් ජනප්‍රිය වූ අපූරු යුවතියකි ‘මනේෂා ප්‍රනාන්දු’
මනේෂාගේ හිනාවට ආදරේ කරන්නවුන් සෑහෙන්න.
විඩාබර දවසක අවසන, විඩාව නිවාගන්න මනේෂාගේ එකම එක වීඩියෝවක් හෝ හේතුවක් වෙලා ඇති ඔයාටත්.
ඉතින්, අපේ මුවගට හිනාව කැන්දන්න තමන් මෙතෙක් ආ ගමන ලේසි පහසු එකක් නෙවෙයි.
මනේෂා පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.
“විවේචන ගැන කතා කළොත්, මට මුල් කාලයේ ඉඳන්ම විවේචන තිබුණා. හැබැයි මට ආදරය කරන, මට උදව් කරන මිනිස්සු ඒ විවේචනය කරන මිනිස්සුන්ට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා ඒ වෙලාවල්වලදී මම ඒ ගැන වැඩිය කලබල නොවී පාඩුවේ මගේ ගමන යනවා. ඇත්තටම මම මේ ගමන පටන් ගන්න කලින්ම හොඳ පැත්ත වගේම නරක පැත්තත් ගැන හිතලා තිබුණා.
මොකද සමාජ මාධ්‍ය කියන්නේ හොඳ ප්‍රතිචාර වගේම විවේචනත් එන තැනක්. ඒ නිසා විවේචනවලට මුහුණ දෙන්න වෙන දවසක් එනවා කියලා මම මුල ඉඳන්ම දැනගෙන හිටියා. මම බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්. ඒ නිසා බිංදුවෙන් පටන් අරගෙන ඉස්සරහට ඇවිල්ලා, ආයෙත් බිංදුවට වැටුණත් මොකද කරන්න ඕනේ කියලා මම මගේ ජීවිතය ගැන හිතලා තිබුණා.
ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වුණත් මම ඒකට සූදානම්. ඒ නිසා අනවශ්‍ය විවේචනයට මම බය නෑ. හැබැයි මට විවේචනය තියෙන්න ඕනේ මගේ නිර්මාණ ඇතුළේ. මම දකින දේවල්, මිනිස්සුන්ට අදාළ වෙන දේවල්, විනෝදජනක දේවල්වලින් තමයි මම කන්ටෙන්ට් කරන්නේ. මගේ අරමුණ මිනිස්සුන්ගේ මුහුණට හිනාවක් ගේන එක මිසක් තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන එක නෙමෙයි. ඒ නිසා මගේ නිර්මාණයක් ගැන තියෙන විවේචනයන් නම් මම ඒක බාරගන්නවා. ඒකෙන් මට ඉගෙනගන්න දෙයක් තියෙනවා නම් මම ඒක ගන්නවා.
වැරදි නිවැරදි කරන්න උත්සහා කරනවා. හැබැයි නිර්මාණයට සම්බන්ධ නැතිව මගේ පවුල් පසුබිම, මගේ රැකියාව, මගේ පෞද්ගලික ජීවිතය වගේ දේවල් අරගෙන මාව පහත් කරන්න උත්සාහ කළා කියලා මම ලැජ්ජ වෙන්නෙත් නෑ, මගේ ගමන නවත්තන්නෙත් නෑ. මොකද ඒ දේවල්වලින් මගේ ගමන නවත්තන්න පුළුවන් නම් මම මේ ගමන මෙච්චර දුරක් ඇවිල්ලා නෑ. කවුරු මොනවා කිව්වත් මම මගේ හෘදසාක්ෂියට එකඟව වැඩ කරනවා කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා විවේචන මම බාරගන්න සූදානම්. හැබැයි අනවශ්‍ය විවේචනයකට මගේ ජීවිතය හෝ මගේ ගමන පාලනය කරන්න මම ඉඩ දෙන්නේ නෑ. කවුරු මොනවා කිව්වත්, මම මගේ ගමන යනවා.”
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:38
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 31, ප.ව. 10:47
2026 අගෝස්‍තු 31, ප.ව. 10:41
2026 අගෝස්‍තු 31, පෙ.ව. 9:51
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26