hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:38



සිංගල් මාම් (තනිවූ අම්මා) කෙනෙකු ලෙස සමාජයට මුහුණ දීමේදී සිදුවන කෲර අත්දැකීම් සහ අතීතයේ මාධ්‍ය මගින් තමන් මුහුණ දුන් අසාධාරණයන් පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මිය අදහස් දක්වා තිබේ.

සමාජය තුළ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන කාන්තාවන් සහ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් ඇගේම වචනයෙන් පහත පරිදි වේ:

“සිංගල් මාම් කෙනෙකුට, නැත්නම් තනි අම්මා කෙනෙකුට මේ සමාජය හරිම කුහකයි, හරිම කෲරයි. හැමෝම නෙමෙයි, හැබැයි සමාජයේ එක් කොටසක් එහෙමයි. දැන් ඒ කොටස ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා කියන එක මම දකිනවා.”

“අපිට ප්‍රශ්න ආපු කාලේ ඉස්සර මේ ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය මෙහෙම තිබුණේ නැහැ. එතකොට පත්තරවලින් තමයි මිනිස්සුන්ව විනාශ කළේ. පත්තරවල ප්‍රධාන සිරස්තල ලෙස යන්නේ ‘නිල්මිණි විවාහයෙන් සමුගනී’, ‘දැරුවා එක්ක තනිවේ’ වගේ දේවල්. එතකොට ඕවා මිනිස්සු කියවනවා. ගෙදර ඇතුළේ සිද්ධ වෙච්ච නැති දේවල්, අපි හිතලවත් නැති දේවල් තමයි ඒ පත්තරවල ලියන්නේ.”

“ජනප්‍රිය මිනිස්සු වුණාම ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එතකොට මම වයසින් ගොඩක් බාලයි. ඒක දරාගන්න නැත්නම් පාලනය කරගන්න මට තේරුණේ නැහැ. ඕන තරම් ටෙලිෆෝන් කෝල්වලින් මම පත්තර ලියන අයට බැනලා තියෙනවා, මාධ්‍ය ආයතනවල අයට බැනලා තියෙනවා, ඒගොල්ලෝ ගාවට ගිහින් අඬලා තියෙනවා.”

“මම අම්මා කෙනෙක්, මට හම්බවුණේ දුවෙක්. මගේ දුවට කොතැනකදීවත් අවනම්බුවක් වෙනවට මම කැමති නැහැ. ඒ නිසා අපි අමාරුවෙන් හදාගත්තු, ගොඩනඟාගත්තු අපේ චරිතය සහ දේවල් රැකගන්න තමයි අපි හැමදාම ආස. අපි ආස නැහැ ඒක කවදාවත් විනාශ කරගන්න.”

“මම අපේ රටේ ජීවත්වෙන තරුණ පරම්පරාව ඇතුළු කාන්තා පිරිමි සියලුම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, ජීවිතයේ කවදාවත් කිසිම කෙනෙකුට අපහාස කරන්න එපා කියලයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: