hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16



වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ උනච්චි වැවේ ජල මට්ටම පහළ යාමත් සමඟ ප්‍රදේශයේ ජල සැපයුම දිනකට පැය 4ක කාලයක් සීමා කිරීමට සිදුව ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

සදහන් කර ඇත එහි සභාපති ඒ. එම්. පී. සි. ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, උනච්චි වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි.

සභාපතිවරයා සඳහන් කළේ දිවයින පුරා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි. එම මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහැරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කර තිබේ

තවද සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දිනකට ජලය ඝන මීටර් ලක්ෂ 28ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉන් සියයට 23ත් 24ත් අතර ප්‍රමාණයක් මහා ජලාශවලින් ලබාගන්නා බවයි.

තවත් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් ගංගා සහ ඇළදොළ ආශ්‍රිත ජල මූලාශ්‍රවලින් ලබාගන්නා බවත්, ඉන් ඝන මීටර් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවත් ඔහු සදහන් කර තිබේ.

දිවයින පුරා ලබාගන්නා ජලයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් කැලණි ගඟෙන් ලබාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ මේ අතර, වියළි කාලගුණ තත්ත්වයෙන් යම් බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පමණක් බව සභාපතිවරයා සඳහන් කළේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගම ප්‍රදේශවල ජල මූලාශ්‍රවල ජල හිඟයක් පවතින බැවින් ජල සැපයුම පාලනය කරමින් ලබාදීමට කටයුතු කරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ. එම්. පී. සි. ටී. බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: