hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14



රටේ ප්‍රජාතන්ත්‍රවාදය පෙර කිසිදා නුවූ විරූ ලෙස අභියෝගයට ලක්ව ඇතැයිද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පවා නොහැසිරුණු අතිශය ඒකාධිපති ස්වරූපයකින් වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරන බවද සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

මහා නායක ස්වාමීන් වහන්සේලා විරුද්ධ වුණත් තමන්ට උවමනා දේ තමන් කරන බවක් ජේ.ආර්. ජයවර්ධන පවා ප්‍රකාශ නොකළ බවද එවැනි ප්‍රකාශයක් සිදුකළ පළමු ජනාධිපතිවරයා අනුර දිසානායක බවද ඔහු පෙන්වා දෙයි.

මෙවැනි ඒකාධිපති පාලකයෙක් බිහි කළේ රටේ ජනතාව නොව ආර්මාර්ථකාමී දේශපාලකයන් බවටද දිලිත් ජයවීර චෝදනා කරයි.

කලාපයේ සියලු රාජ්‍ය දියුණුවට පත්වූයේ ව්‍යවසායකත්ව සංකල්පය යටතේ වුවද මේ වන විට ආර්ථික ගැටලුවට කිසිදු විසඳුමක් ආණ්ඩුව සාකච්ඡා නොකරන බවද සෙවනගල වැඩවර්ජනයක් ඇති කර විකුණා දමන තැනට පත්කර ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ මොණරාගල දිස්ත්‍රික් සර්වජන බලය කොට්ඨාස නායකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: