hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 ජූනි 17, පෙ.ව. 8:51



අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබා දීමට නියමිතයි.

ඒ බව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: