hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 08, පෙ.ව. 12:02



පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළවූ පරස්පර තොරතුරු නිසා මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය කරන අනිවාර්ය ලියකියවිලි සම්බන්ධ නැවත දැනුම්දීමක් කරන්නට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සියලුම රියදුරන් ගෙන යායුතු අනිවාර්ය ලියකියවිලි ලෙස පොලීසියෙන් දන්වා සිටින්නේ සාමාන්‍ය වාහන සඳහා ලේඛන 4 කි. විදුලි හෝ හයිබ්‍රිඩ් සඳහා පමණක්  ලේඛන 3 කි. බරවාහන සදහා ලේඛන 5 කි.

1) රියදුරු බලපත්‍රය
2 )ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක් (ඡායා පිටපත වීදුරුවේ ඇළවිය යුතුය)
3) වාහන රක්ෂණය
4) වායු විමෝචන සහතිකය

මීට අමතරව බර වාහන සඳහා පමණක්
 5) වාහන යෝග්‍යතා සහතිකය අවශ්‍ය වේ.

විදුලි හෝ හයිබ්‍රිඩ් වාහන සඳහා
 අංක 3 සඳහන් වායු විමෝචන සහතිකය අවශ්‍ය නැත.

ඇතැමුන් ‘වාහනයේ පොත’ ලෙස හඳුන්වන වාහන ලියාපදිංචි කිරීමේ සහතිකය වාහනයක ගමන් කිරීමේදී රැගෙනයාම අනිවාර්ය නැති බව පොලිස් නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර ඇත.

පසුගියදා සබරගමුව හා මධ්‍යම පළාත් අතර වාහනයක් රැගෙන යාමට අදාළ සිදුවීමකදී පොලිස් නිලධාරිනියක අතින් එය අත්‍යවශය බවට වැරදි තොරතුරක් සමාජ ගතවිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: