hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 19, පෙ.ව. 11:48



අප ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව  ගොඩක් කනගාටු වන බවත් වනිදු හසරංග අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ ද සඳහන් කළා. 

ක්‍රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා , පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වු බව ද හෙතෙම පැවසුවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම 06/19 දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද , අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබුණා.

එහිදී “සිල්ක් රූට්” පර්යන්තයේ පහසුකම් සදහා එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබා ගත් බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඒෂියන් මිරර් වෙත පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත් , ඉන් පිටත ප්‍රදේශයේත් විශේෂ , දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

Example Image