hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2025 ජනවාරි 02, පෙ.ව. 12:04



ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ බැංකු නිවාඩු දින ලේඛනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ බැංකු නිවාඩු දිනයන් මෙන්න,

🟢ජනවාරි 13, සඳුදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢ජනවාරි 14, අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ.

🟢පෙබරවාරි 04, අඟහරුවාදා නිදහස් සමරු දිනය බැ.ර.වෙ.

🟢පෙබරවාරි 12, බදාදා නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢පෙබරවාරි 26, බදාදා මහා ශිව රාත්‍රී දිනය බැ.ර.

🟢මාර්තු 13, බ්‍රහස්පතින්දා මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර.

🟢මාර්තු 31, සඳුදා ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර.

🟢අප්‍රේල් 12, සෙනසුරාදා බක් පුර ‍පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢අප්‍රේල් 13, ඉරිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ.

🟢අප්‍රේල් 14, සඳුදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ.

🟢අප්‍රේල් 15, අඟහරුවාදා විශේෂ බැංකු නිවාඩු දිනය බැ.

🟢අප්‍රේල් 18, සිකුරාදා මහ සිකුරාදා දිනය බැ.ර.

🟢මැයි 01, බ්‍රහස්පතින්දා ලෝක කම්කරු දිනය බැ.ර.වෙ.

🟢මැයි 12, සඳුදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢මැයි 13, අඟහරුවාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ.

🟢ජූනි 07, සෙනසුරාදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර.

🟢ජූනි 10, අඟහරුවාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢ජූලි 10, බ්‍රහස්පතින්දා ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢අගෝස්තු 08, සිකුරාදා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢සැප්තැම්බර් 05, සිකුරාදා මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ.

🟢සැප්තැම්බර් 07, ඉරිදා බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢ඔක්තෝබර් 06, සඳුදා වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢ඔක්තෝබර් 20, සඳුදා දීපවාලී උත්සව දිනය බැ.ර.

🟢නොවැම්බර් 05, බදාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢දෙසැම්බර් 04, බ්‍රහස්පතින්දා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.

🟢දෙසැම්බර් 25, බ්‍රහස්පතින්දා නත්තල් දිනය බැ.ර.වෙ.

බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ – වෙළෙඳ නිවාඩු

සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: