hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 9:31



ලංකා විදුලිබල විසින් කාර්ය මණ්ඩල දිමනා වශයෙන් වරින්වර ඉකුත් වසර දෙකක (2019, 2020) කාලය තුල රුපියල් මිලියන 3256.4ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

කළමණාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත එම ගෙවීම් කර තිබෙනවා.

විගණන නියැදි පරික්ෂණවලදි මෙම තොරතුර අනාවරණය වි තිබෙන බවයි වාර්තා වන්නේ.

විගණන වාර්තාවට අනුව 2020 වර්ෂයේ දී කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් මිලියන 1,544.4ක මුදලක් සහ 2019 වර්ෂයේ දී රුපියල් මිලියන 1712ක මුදලක් ගෙවා ඇති බව විගණනය මගින් හෙලිදරව්කොට තිබෙනනා.

එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛනයට අනුව සියයට 10 සිට 14 දක්වා පොලි අනුපාත යටතේ වාහණ ණය ලබාදිම වෙනුවට විදුලිබල මණ්ඩලය විසින් සියයට 4.2ක පොලි අනුපාත යටතේ ණය ලබා දි තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

විදුලිබල මණ්ඩලය දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණදී සිටියදිත් කිසිදු පාලනයකින් තොරව කාර්ය මණ්ඩල ණය ගෙවා ඇති බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ආයතනයේ අභිවෘද්ධිය සදහා ක්‍රියාකිරිම සදහා සේවකයින්ගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවිම සදහා මණ්ඩලය විසින් එහි සේවකයින්ට මෙම ප්‍රතිලාභ ලබාදී ඇති බව විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබෙනවා. 

මණ්ඩලයේ කටයුතු පරිපාලනය සම්බන්ධයෙන් රීති සැදීමේ බලය අධ්‍යක්ෂක මණ්ඩලයට විදුලිබල පනත මගින්ම ලබාදී ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට ප්‍රකාශකොට තිබෙනවා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: