hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 7:38



කාන්තාවක විසින් එල්ල කරන ලද පා පහරකින් කොන්දොස්තරවරයෙකු කඩවත ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබුණු බස් රථයකින් එළියට විසි වී තිබෙනවා.

මහනුවර – කොළඹ මගී ප්‍රවාහන බස් රථයක සේවයේ නිරත කොන්දොස්තරවරයෙකු ඊට මුහුණ පා තිබෙනවා.

අදාළ කාන්තාව කිරිබත්ගොඩ නගරය ආසන්නයේදී බස් රථයට නැග ඇති අතර එහිදී කොන්දොස්තරවරයා කිහිප වතාවක් ම ප්‍රවේශ පත්‍රය ලබා ගන්නා ලෙස ඇයට දැනුම් දුන් බව සඳහන් වෙනවා.

ඊට උරණ වී ඇති අදාළ කාන්තාව කඩවත නගරය ආසන්නයේ දී පා පුවරුවේ සිටි කොන්දොස්තරවරයාට පා පහරක් එල්ළ කර තිබෙනවා.

එල්ල වූ පා පහරත් සමග කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් ඉවතට ඇද වැටුණු බව එම අවස්ථාවේ බස් රථයේ ගමන් කළ මගීන් ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව බස් රථයේ සිටි සෙසු මගීන් එම කාන්තාව අල්ලා ගෙන කඩවත පොලිසියට භාර දී ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාව වසර 8ක පමණක කාලයක සිට මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි අනාවරණය වූ බවයි.