hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 පෙබරවාරි 20, ප.ව. 2:28



දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නිල රථය සපුගස්කන්ද ප්‍රදේශයේදී අනතුරකට පත්ව තිබෙනවා.

නිල රාජකාරී කටයුත්තක් සඳහා ගමන් කරමින් තිබූ එම ජීප් රියේ බදෙහි යතුරු පැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

එහිදී තරුණයකු සුලු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

එම අනතුර වන අවස්ථාවේදී රියදුරු පමණක් එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.