hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2025 මාර්තු 02, පෙ.ව. 12:07



මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර ඇත.

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියේට් මෝටර්වේස් ආයතනය මෙම රථය රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

ඉන්දියාවේදී මෙම මෝටර් රථය ඉන්දීය රුපියල් ලක්ෂ පහක මිලකට අලෙවි කෙරෙන අතර, එය  ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ වටිනාකමකි.

මේ අනුව, ශ්‍රී ලංකාවේදී මෙම රථය මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ඉන්දියාවේ මිලට සාපේක්ෂව රුපියල් ලක්ෂ පනහකට අධික අතිරේක මුදලක් ගෙවීමට සිදුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: