2023 ඔක්‍තෝබර් 19, ප.ව. 5:06
මඩකළපුව මයිලතමඩු මාධවනෙයි ප්‍රදේශයේ අලුතින් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් කිසියම් පිරිසක් විසින් ඉවත් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් මයිලතාමඩු ප්‍රදේශයට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා.
මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව එහි පැමිණි අම්පිටියේ සුමනරත්න හිමිට අදාළ ස්ථානය වෙත යෑමට පොලිසියෙන් බාධාකර ඇති බව දැක්වෙන වීඩියෝවක් උන්වහන්සේ සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් හට සුමනරත්න හිමි බැනවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් ද එහි වෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අම්පිටියේ සුමනරත්න හිමියෝ මෙසේ පැවසූවා.
”පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී ශානිකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අරනගන්විලින් ඇතුළට භික්ෂුන් වහන්සේලාට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම වාහනවලට ඇතුළට එන්න දෙන්න එපා කියලා. ඒ කියන්න හේතුව වෙන්නේ, පසුගිය ඉරිදා ජනාධිපතිවරයා ශානිකියන් (රාසමනික්කම් මන්ත්‍රීවරයා) ඇතුළු නිලධාරීන් පිරිසක් ජනාධිපති මන්දිරයට කැඳවලා සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඕඩරයක් දීලා තියෙනවා කරුණාකරලා බැරියර් දාලා සිංහල හාමුදුරුවන්ට එන්න දෙන්න එපා කියලා”
අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව බුද්ධ ප්‍රතිමාව පසුගිය 16 වැනිදා තැන්පත් කර ඇතැයි පැවැසෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:02