hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2025 ජූනි 24, පෙ.ව. 11:58



තමන් යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ධූරයට පත්වන්නේ, එවක සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ඉල්ලීමක් මත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

එවක තමන් පුනරුත්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා ව‍ශයෙන් කටයුතු කළ බවත්, තමා රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරමින් සිටියදී දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ධුරයට අනියුක්ත කිරීමක් සිදුවූ බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ධුරය භාරගන්නා අවස්ථාවේදී එවක ජනතා විමුක්ති පෙරමුණේ නායක, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා නොකළ බවද, තමාව එම තනතුර‍ට යෝජනා කළේ අනුර කුමාර දිසානායක බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවද ඔහු අවධාරණය කරනවා. 

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දූෂණ විරෝධී කමිටුව පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදුන් බවත්, විමර්ශන අඩපන කිරීමට ඔවුන් කටයුතු කළ බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

තමා කිසිදු අවස්ථාවක දූෂණ විරෝධී කමිටුවෙන් වැටුප් ලබා නොගත් බවත්, තමාගේ වැටුප ලබාගත්තේ මුල් සේවා ස්ථානයෙන් බවත්, තමන් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීම නිසා ඉන්ධන දීමනාව හා දුරකථන දීමනාවද ඇතුළුව මාස 30 ක කාලයක් සඳහා රුපියල් දොලොස් ලක්ෂයක මුදලක් ලැබුණු බවත්, තමා වැටුප් ලබා නොගත් අතර, තමාට හිමි දීමනාව පමණක් ලබාගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් පවසා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: