hit counter

2025 දෙසැම්‍බර් මස 27 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 12, පෙ.ව. 9:46



අසල්වැසි ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිදුවූ බෝම්බ පිපීරීම් වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

ලංකාවේ බුද්ධි අංශ සක්‍රීයව පවතින බවත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: