2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:03
මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේනිය සහ කෝක්කඩචෝලෙයි යන පොලිස් වසම්වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගැනීම සඳහා සවිකර තිබූ නාම පුවරු කිහිපයක් ඉවත් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
අදාළ නාමපුරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසුවේය. එම පුවරු ගලවා ඉවත් කිරීම සඳහා එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප ලේකම්වරයාද පැමිණ සිටි බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව මෙම සැකකරුවන් සහ ගලවා දැමූ නාම පුවරු අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කරනු ලැබීය.
කිසිවකුට ප්‍රාන්ත රාජ්‍ය නිර්මාණය කිරීමට ඉඩ නොමැති අතර උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් පවතින්නේ එක් නීතියක් පමණක් බවත් එම නීතිය උල්ලංඝනය කරනු ලබන අයට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:20
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 12:05
27-11-25
27-11-25
25-11-25
25-11-25
25-11-25
25-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
20-11-25
20-11-25
18-11-25
18-11-25