2025 ජනවාරි 29, පෙ.ව. 12:18
කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 පරිදිම මීට පෙරදීත් බහලුම් 575ක් නිදහස් වී තිබෙන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත පැවැසීය.
රේගුව විසින් පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කර තිබෙන බවට රේගු නිලධාරීන්ගේ සංගමය විසින් කරන ලද පැමිණිල්ලක් මත රේගු අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ භාණ්ඩ නිෂ්කාශන ආයතනයකට ඇමැතිවරයා පැමිණි අවස්ථාවේදී මෙම බහලුම් 323 සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.
‘‘රේගු බහලුම් 323 සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකෙරෙනවා. රේගුවේ නිෂ්කාශන කටයුතු සිදුකරද්දී අදාළ ක්‍රමවේද ඒ අයුරින්ම සිදු වෙනවා. මීට පෙරදී බහලුම් 575ක් මේ ආකාරයෙන් නිදහස් වෙලා තිබෙනවා. එම බහලුම් පිටවීම සම්බන්ධ ගැටලුවක් තිබේද යන්න සම්බන්ධව පරීක්ෂණයක් කරලා තමයි බලන්න වෙන්නේ.’’යැයිද ඇමැතිවරයා පැවැසීය.
මාධ්‍යවේදියා – රේගු පරිපාලනය සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති චෝදනා නගනවා නේද?
ඇමැතිවරයා – ගැටුම්කාරී පරිසරයක් තුළ වැඩ කටයුතු කරද්දී මෙවැනි ගැටලු මතු වෙනවා. සමස්ත උත්තරය අපිට එක රැයකින් ගන්න ලැබෙන්නේ නෑ. හැබැයි අපි උත්තරය ඉක්මණින්ම ගන්නවා.
මෙම බහලුම් 323 සම්බන්ධයෙන් රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ බහලුම් නිෂ්කාශනය කිරීමේ තදබදයක් පවතින අවස්ථාවන්හිදී රේගුව විසින් මෙලෙස බහලුම් පරීක්ෂා නොකර මුදාහරින බවත්, මෙම බහලුම් 323 මුදාහරිනු ලැබුවේ ඉකුත් 2024 ජූලි මාසයේ සිට ගත් තීරණයක් මත බවත්ය. මෙලෙස මුදා හරිනු ලැබුවේ අවදානම් අඩු භාණ්ඩ සහිත බහලුම් බවත්, ඒවා ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා කියා සිටියේය.
2025 ජනවාරි 30, පෙ.ව. 9:14
2025 ජනවාරි 30, පෙ.ව. 12:26
2025 ජනවාරි 30, පෙ.ව. 12:21
2025 ජනවාරි 30, පෙ.ව. 12:19
2025 ජනවාරි 30, පෙ.ව. 12:17
30-01-25
30-01-25
30-01-25
30-01-25
30-01-25
30-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25
29-01-25